Ads Top

My Iceland Love Story - අයිස්ලන්තය හා මගේ ආදර කතාව - Part 4



ආයුබෝවන් හැමෝටම ඔන්න  යාලුවනේ.. මේ සිතුවිලි කතාවේ 4වන කොටස..




එයා - අයියේ..
මම - ඇයි නංගියෝ.. මොකද ?
එයා - නැ නිකන්.. ඊයේ මොනවද කියන්න ගියේ..
මම - ආ.. එකද. අපි කතා කරන ඒවා කවුදෝ අම්මලට කියලා..
එයා - හෙහෙ ශෝයිනේ..
මම - ඔව් ඔව් .. ෂෝයි තමා. පව් හැබැයි..
එයා - අයියා දන්නවද අලුත්ම ආරංචියක්..
මම - මොකක්ද අප්පේ ඒ..
එයා - ඔන්න දැන් ඔයාලට එන්න පුළුවන් ගමනාන්ත ගාන වැඩි කරලලු..
මම - ආ.. එහෙමද කලින් කොහොමද උනේ..
එයා - මෙහෙමයි.. මිට අවුරුදු 10කත කලින් Iceland Direct Flights තිබේ 18යි. ඒ කියන්නේ ගමනාන්ත ගාන. හරියට අපේ රටට එන්න පුළුවන් වොෂින්ටන් ඉදන් රෙජිවික්(Reykjavik) එහෙම නැත්නම් ලන්ඩන් ඉදන් රෙජිවික්. අන්න ඒ වගේ 18ටයි තිබ්බේ.. පස්සේ පසුගිය අවුරුද්දෙන් තිබෙබ් 48ක්. එක දැන් ආයේ වැඩි කරලා 78 කට..
මම - ශා මරුනේ.. මල් හතයි ඈ..
එයා - ඔව් ඔව්.. මන් පින්තුරයක් එවන්නම් බලන්නකෝ..
මම - මන් එද්දී ලංකාවේ ඉදන් කෙලින්ම එන්න පුළුවන් වෙයිද දන්නේ නැ.
එයා- ආ. මන් අපේ Flight මාමලාට කියන්නම්කො ඔයා එන දවසට විතරක් එහෙම කරන්න කියල..
මම - හෙහෙ පිස්සි..
එයා - මෝඩයා.. දැන් මන් පිස්සිද..
මම - ඔවුනේ..
එයා- හා ඔය පිස්සා. හූ...හූ..
මම - හරි ඉතින්.. තව මොනවද අලුත් විස්තර..
එයා - අයියා දන්නවද අපේ රටේ විදුලිය උත්පාදනය කරන්නේ කොහොමද කියලා..
මම - ගොඩක් විස්තර නම් දන්නේ නැ. මන් අන්තර්ජාලයෙන් ටිකක් බැලුවා. එකේ තියෙන්නේ ජල විදුලියයි(
Hydroelectric) , භූ උෂ්ණත්වය භාවිතා කරලා විදුලිය හදන එකයි(Geothermal).
එයා - හරියටම හරි අයියේ ඒ දෙක තමා අපි පාවිච්චි කරන්නේ. අයියා දන්නවා ද අපේ රට භූ තැටි දෙකක එකතුවක් කියල..
මම - එහෙමද. ගොඩක් විස්තර දන්නේ නැනේ මන්. කියලා දෙන්නකෝ..
එයා - හරි හරි. දැන් මෙහෙ එන්න එනවා නම් මේවත් දැනගන්න එක හොදයි...
මම - ඉතින් කියලා දෙන්නකෝ..
එයා - හරි මන් ෆොටෝ ඒවානම්.. ඒවා බලන්නකෝ.. අන්න එහෙම තැටි දෙකක් තියෙන නිසා පොළොවේ තියෙන ලාව සක්‍රීයයි. අපි ඒවගේ උණුසුම ලබාගෙන ජලය වාෂ්ප කරලා ටර්බයිනයක් ආධාරයෙන් විදුලිය උත්පාදනය කරනවා එකට තමයි කියන්නේ Geothermal කියලා.. තෙරුනඩ් ?
මම - ඔවු නංගි තේරුණා..
එයා - හොද අයියා.. ඇති යාන්තන් එක පාරින් තේරුණා.. නැත්නම් මටයි එපා වෙන්නේ..
මම - හෙහෙ..
එයා - අයියට පැහැදිලි මදි නම් මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ.. සුපිරියටම තේරෙයි. https://goo.gl/0Qb3sY
මම - තැන්ක්ස් නංගියෝ..
එයා - හරි මෝඩයෝ..
මම - හරි හරි.. මන් දන්නේ නැනේ..
එයා - එකනේ කියලා දුන්නේ.
මම - ඉතින් තව මොනා හරි කියලා දෙන්නකෝ..
එයා - මොනවා ගැනද මන් තව කියලා දෙන්නේ.. ආ.. මරු එකක් තියෙනවා..
මම - ඒ මොකක්ද ?
එයා - අපේ උෂ්ණත්වේ ගොඩක් අඩුයිනේ අයියේ. එත් අයියා දන්නවද අපි කොච්චර සිත උනත් අයිස්ක්‍රීම් කන්න පෙරේතයෝ..
මම - අයියෝ..මහා පෙරේතියෙක්නේ..
එයා - Ja Ja... පෙරේතියෙක් තමයි..
මම - තව මුකුත් නැද්ද ?
එයා - ඇයි නැත්තේ.. අයියේ.. ලංකාවේ මදුරුවෝ ඉන්නවද ?
මම - අම්මෝ ඔව්.. කියලා වැඩක් නැ..
එයා - හු හු.. මෙහෙ මදුරුවෝ නැ.. එකනේ කිවේ මෙහෙ එන්න කියලා..
මම - හරි එන්නම්කෝ.. නංගියෝ මන් වැඩ.. පස්සේ එන්නම්..
එයා - හා අයියේ..elska þig ástin mín
මම - ég líka..




No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.