Ads Top




ආයුබෝවන් යාලුවනේ... ඔන්න මම දැන් අපි ගොඩක් භාවිත කරන.. ගොඩක් ප්‍රයෝජනයට ගන්න දෙයක් ගැන කතා කරන්නයි අවේ... මොකක්ද කියලා කියවලම බලන්න....පුදුම හිතෙනවා මේක...


ඔන්න මම කියාදෙන්නේ අපි හැමෝම භාවිත කරන කෙටි පණිවිඩ සේවාව ගැන තමා ඒ කිවේ SMS (Short Massage Service).. කියවලම බලන්න.. ගොඩක් වැදගත් වෙන ලිපියක් කියලා මට විස්වාසයි..


කෙටි පණිවිඩ සේවාවේ ආරම්භය

කෙටි පණිවිඩ සේවාවේ නිර්මාණය වන්නේ මුදුකාංග ඉංජිනේරුවරයෙකු වන නීල් පැප්වර්ත් හා රිචඩ් ජාවිස් මගිනි. ඒ කෙසේද වුනේ බ්‍රිතානයේ Vodaphone දුරකථන සමාගමේ අධ්‍යක්ෂකවරයකු වූ රිචඩ් ජාවිස් ට "Merry Christmas" කියා සුබ පැතුමක් ලියා යැවීම තුලිනි. ඒ නීල් ගේ ඩෙස්ක්ටොප් පරිගණකයේ සිට රිචඩ්ගේ ඇත තිබු Orbitel 901 සෙලියුලර් දුරකතනයටයි.. මෙයයි SMS හි ඉතිහාසය..



මෙහි නිර්මාතෘ ලෙස සලකන්නේ ෆින්ලන්තයේ මැටි මැකොනන් විසිනි. දුරකථන ජලා සම්බන්ධ කරමින් පණිවිඩ යැවිය හැකි බව කිවේ ඔහුයි..1984 සිට 1992 තුලදී කෙටි පණිවිඩ සේවාව වඩා දියිනු මට්ටමක නොපවතිමට හේතුව වනුයේ ඒ කාලයේ තුල තුබූ දුරකතන භාවිතයේ අඩුභාවයයි.. කෙසේ වෙතත් අනුවේ දශකයේදී මෙය දියුණු වෙන්නට පටන් ගැනිණි.. බිට් 7 ක කැරක්ටර්ස් 160 හෙවත් බයිට් 140 ක ධාරිතාවයකින් කෙටි පණිවිඩයේ ප්‍රමිතියක් ආවේය. 

දැන් SMS හි තත්වය 

වඩාත් දියුණු  මට්ටමක පවතින වර්තමාන කෙටි පණිවිඩ සේවාව අතිශය ජනප්‍රියය.. දැන් අවුරුද්දකදී ලොව පුරා එස් එම් එස් පණිවිඩ ට්‍රිලියන 8.6 හෙවත් බිලියන 8600 එහෙමත් නැත්නම් කෝටිඅටලක්ෂ 60 000 ක් ලොව පුරා හුවමාරු කරගනී.. එනම් සැම තප්පරයකදී කිට්ටුම වශයෙන් එස් එම් එස් පණිවිඩ තුන්ලක්ෂයක් පමණ හුවමාරු වෙයි.. 



දැන් කෙටි පණිවිඩ සේවාව හෙවත්  SMS මිනිස් ජිවිත අවල අංගයක් බවට පත් වී ඇත.. ඒ තරමටම එය අපිට ලං වී ඇත.. මෙම සේවාව අපට ලබා දෙන්නේ දුරකථන සන්නිවේදන ආයතනයක් විසින් වේ.. ඉතින් එය සදහා මුදල් ය කිරීමක්ද සිදු වේ. මේ නිසා අද ලෝකයේ බිහි වී ඇති වෙළෙද පොලේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 150 වේ..

හිතලා බලන්න තාක්ෂණයේ දියුණුව ගැන.. කෙතරම් ප්‍රබලද කියලා....

තාක්ෂණයේ සුබ නිමිති
ගමු අප සැම සැමගේ 
අනාගත යහපත්  සේවයට.... 




No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.